සමාගම් සමූහය අපගේ විවිධ සමාගම් කළඹ ගැන අපි ආඩම්බර වෙමු, ඒ සෑම එකක්ම ඔවුන්ගේ කර්මාන්තවල සීමාවන් තල්ලු කිරීමට කැපවී සිටිති. වනමන්දාවේ ප්‍රධාන බෙහෙත් ශාලාව වනමන්දාවේ ප්‍රධාන වෙදැදුරු වෛද්‍ය ශිරෝමණී,සාම විනිසුරු, වෛද්‍යාචාර්ය සෝමරත්න මැතිඳුන් සහ සෝමරත්න මැතිනිය විසින් පීනස් රෝග ආශ්‍රිත රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස 1960 වර්ෂයේදී ගිරිඋල්ල පුස්කොළදෙණිය ග්‍රාමයේදී ආරම්භ කරන ලදී. වනමන්දාවේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වනමන්දාවේ දෙවන පරම්පරාවේ සාමාජික වෛද්‍ය. පී.ජී.අනුර කුමාර සෝමරත්න මහතා විසින් පාරම්පරික හෙළ වෙදකම හා නූතන ආයුර්වේද සංස්කෘතික ක්‍රමවේද මගින් සර්වාංග රෝග ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසින් 1988 වර්ෂයේදී වනමන්දාවේ ප්‍රධාන බෙහෙත් ශාලා පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය වනමන්දාවේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට සමගාමීව,සාම්ප්‍රදායික බෙහෙත් වට්ටෝරු ක්‍රමයේ ඇති ගුණාංග ඒ අයුරින්ම ආරක්ෂා වන පරිදි, ගුණාත්මකභාවයෙන් ඉතාමත් ඉහල තත්වයේ ඖෂධ, පාරම්පරික හා නූතන ආයුර්වේද සංස්කෘතික ක්‍රමවේද වලට අනුකූලව නිෂ්පාදනය කර බෙදාහැරීමේ අරමුණින් 1988 වර්ෂයේදී වනමන්දාවේ පරිශ්‍රය තුලම ආරම්භ කරන ලදී. වනමන්දාවේ ඔසු උයන් ව්‍යාපෘති ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටළුව වන අමුද්‍රව්‍ය හිඟයට පිළියමක් වශයෙන් හා උපරිම ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික හා කාලගුණික තත්වයන්ට ආවේනික වන පරිදි විවිධප්‍රදේශවල හඳුනාගත් ඖෂධ පැලෑටි වගාකිරීමේ හා සංරක්ෂණය කිරීමේ අරමුණින් 2005 වර්ෂයේදී හොරගොල්ල හා හබරණ ප්‍රදේශ වල ඔසු උයන් ව්‍යාපෘති ආරම්භ කරන ලදී. වනමන්දාව සෝමරත්න වෙද මැදුර වනමන්දාවේ හෙළ වෙදකම හා නූතන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම තවදුරටත් ඉදරියට ගෙනයමින්, වනමන්දාවේ දෙවන පරම්පරාවට එක්වූ සාමාජිකාවක් ලෙසින් වෛද්‍ය ගයේෂා සාරංගි කුලතිලක මහත්මිය විසින් 2019 වර්ෂයේදී දී නාල්ල ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී වනමන්දාව දේශීය ඖෂධ නිෂ්පාදනාගාරය සිය පියාණන් හා වැඩිමහල් සහෝදරයාගේ ඇවෑමෙන් පසුව වනමන්දාවේ ආයුර්වේද ඖෂධ සමාගම් කළමනාකරණ කටයුතු මෙහෙයවීම වෛද්‍ය සෝමරත්න මල්ලවාරච්චි මහතා විසින් සිදුකරනු ලබන අතර, එතුමාගේ කළමනාකාර අධ්‍යක්ෂකත්වයෙන් නවතම අනුබද්ධ ආයතන ලෙසින් හොරගොල්ල ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී. ස්වස්ති ආයුර්වේදය 2020 වර්ෂයේදී නවතම අනුබද්ධ ආයතනයක් ලෙස වනමන්දාවේ තෙවැනි පරම්පරාවේ සාමාජිකා සහ වනමන්දාව සමූහයේ සම අධ්‍යක්‍ෂිකා අනුරාධ සෝමරත්න මහත්මිය විසින් ස්වකීය සුඛෝපභෝගී සන්නාමයක් ලෙසින් ස්වස්ති ආයුර්වේදය “වන නිවහන”, හොරගොල්ල, ගිරිඋල්ල ප්‍රදේශයේදී ආරම්භ කළ අතර එමඟින් සුඛෝපභෝගී අත්කම් ආයුර්වේද නිෂ්පාදන හඳුන්වා දෙන ලදී.