ඉතිහාසය

මෙය සාකල්‍ය සුවතාවයේ විශ්වාසනීය නාමයක් බවට පත්වීම සඳහා වනමන්දාවගේ ගමනේ ආරම්භය සනිටුහන් කළේය.

වනමන්දාව ස්වදේශිකය

ඉතිහාසය

1960 වර්ෂයේදී වෛද්‍ය ශිරෝමණී, සාම විනිසුරු වෛද්‍යාචාර්ය පී.ජේ.සෝමරත්න වෙද මැතිඳුන් විසින් ආරම්භ කරන ලද වනමන්දාවේ පාරම්පරික ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ 1988 වර්ෂයේදී එතුමන්ගේ වැඩිමහල් පුත් වෛද්‍ය කීර්ති පණ්ඩිත, හෙළ වෙද ඉසි දේශ කීර්ති විද්‍යාපති, වෛද්‍ය විශාරද පණ්ඩිත, වෛද්‍යාචාර්ය අනුර කුමාර සෝමරත්න මැතිඳුන් විසින් නුතන ආයුර්වේද ක්‍රමවේද සමඟින් ආරම්භ කරන ලද වනමන්දාවේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය හා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය මගින් දෙස් විදෙස් සුවහසක් ජනතාව වෙත වනමන්දාවේ ආයුර්වේද ඖෂධ හා ආයුර්වේද වෛද්‍ය සේවා සැපයීම පුරා වසර 60 ක කාලයක සිට ඉටුකරනු ලබයි. 

වනමන්දාවේ ආයුර්වේද ඖෂධ සමාගමේ වර්තමාන සාමාන්‍යාධිකාරී වෛද්‍ය සෝමරත්න මල්ලවාරච්චි මහතා සහ වෛද්‍ය ගයේෂා සාරංගි කුලතිලක මහත්මිය විසින් 2019 වර්ෂයේදී අනුබද්ද ආයතනයක් ලෙසින් ආරම්භ කරන ලද වනමදාව සෝමරත්න වෙද මැඳුර සහ 2020 වර්ෂයේදී ආරම්භ කරන ලද වනමන්දාවේ දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය ( Wanamandawa Native Drugs Manufactory) මඟින් වනමන්දාවේ ආයුර්වේද වෛද්‍ය සේවාව සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය නවීන තාක්ෂණික ක්‍රමවේද හා ගුණාත්මක ප්‍රමිතීන් (Quality Standards) සමඟින් වඩාත් පුළුල් වූ නව මාවතකට යොමු කර ඇත.

Shopping Cart