නායකත්වය

ආයුර්වේද සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, අඛණ්ඩතාව සහ නව්‍යකරණයේ වටිනාකම්

වෛද්‍යාචාර්ය පී.ජී.සෝමරත්න මැතිතුමා

වනමන්දාවේ පීනස් රෝග පිළිබඳ විසේශඥ වෛද්‍යාචාර්ය, වනමන්දාවේ ප්‍රධාන බෙහෙත් ශාලාවේ නිර්මාතෘවර, පුස්කොළදෙණිය සිරි සෝමරත්න දහම් නිකේතනයේ නිර්මාතෘවර සහ දඹදෙණි සමූපකාර ආයුර්වේද සංගමයේ ආරම්භක සභාපති.

සෝමරත්න මැතිනිය

වනමන්දාව ප්‍රධාන බෙහෙත් ශාලාවේ ආරම්භක සාමාජික, වනමන්දාවේ සෝමරත්න අනුස්මරණ පදනමේ ගරු සභාපතිනිය සහ පුස්කොළදෙණිය සිරි සෝමරත්න දහම් නිකේතනයේ ගරු අනුශාසක.

විද්‍යාපති, වෛද්‍ය විශාරද, පණ්ඩිත, වෛද්‍යාචාර්ය පී.ජේ.අනුර කුමාර සෝමරත්න මැතිතුමා

යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විශේෂඥ උපාධීධාරී (ඩී.ඒ.එම්.එස්), වනමන්දාවේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය සහ වනමන්දාවේ ඖෂධීය පැලෑටි රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීසමේ ව්‍යාපෘති නිර්මාතෘවර, වනමන්දාවේ සෝමරත්න අනුස්මරණ පදනමේ හිටපු ගරු සභාපති සහ පුස්කොළදෙණිය සිරි සෝමරත්න දහම් නිකේතනසේ හිටපු ගරු අනුශාසක.

වෛද්‍ය සෝමරත්න මල්ලවආරච්චි මහතා

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය, සහ කාර්මික තාක්ෂණ ආයතනයේ විශේෂ ඩිප්ලෝමාධාරී, වනමන්දාවේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය සහ වනමන්දාවේ ඖෂධීය පැලෑටි රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති වල සාමාන්‍යාධිකාරී, වනමන්දාවෙ දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයේ කළමනාකාර අධ්‍යක්ෂ, වනමන්දාවේ සෝමරත්න අනුස්මරණ පදනමේ ගරු භාපති සහ පුස්කොළදෙණිය සිරි සෝමරත්න දහම් නිකේතනයේ ගරු අනුශාසක.

වෛද්‍ය ගයේෂා සාරංගි කුලතිලක

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය සහ වනමන්දාවේ සෝමරත්න වෙද මැදුර නිර්මාතෘ

Shopping Cart