Tablets
බිල්වා වටී
රු 750.00
60 Tablets : Rs. 480.00
100 Tablets : Rs. 750.00
160 Tablets : Rs. 1150.00
500 Tablets : Rs. 3500.00
1000 Tablets : Rs. 6750.00
ප්‍රයෝග : ආමාශයේ අධික ආම්ලිකතාව අඩු කරයි. අන්ත්‍ර පටක වල ප්‍රදාහය පාලනය කරයි. අධික පිත්ත ශ්‍රාවය නිසා ඇති වන උදරදාහය ආධ්මානය, උද්ගාරය වැනි අපහසුතා වලදී හිතකරයි.
අඩංගු ද්‍රව්‍ය : වියලා ගත් බෙලි මද සාරය
භාවිත කරන ආකාරය : මිලිග්‍රෑම් 500 පෙති දෙකක් දිනකට දෙවරක් උණු වතුරෙන් හෝ ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)
ආයුර්වේදයේ බිල්ව නමින් හැඳින්වෙන බෙලි ශාකයේ සියලුම කොටස් විවිධ රෝග සඳහා යෙදෙන අතර අනාදිමත් කාලයක සිට දේශීය වෛද්‍ය ක්‍රමයේ දී භාවිතා වන සුවිශේෂී ඖෂධයකි. බෙලි ගෙඩියේ තිබෙන ඖෂධීය ගුණ වලින් ආමාශයේ සහා අන්ත්‍ර මාර්ගයේ ආබාධ සඳහා වඩාත් සුවිශේෂී බලපෑමක් තිබේ. එනිසා විශේෂයෙන්ම පළපුරුදු වෛද්‍යවරු මෙය අනාදිමත් කාලයක සිට ආමාශයික ප්‍රදාහය සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස යොදයි. මෙය ආමාශයේ අධික ආම්ලිකතාව අඩු කරන චිරකාලීනව ආමාශයික ප්‍රදාහය නිසා අමාශයේ තුවාල ඇතිවීම වළක්වාලයි. එය වසර දහස් ගණනක සිට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ ආමාශ ගත රෝග වලදී යොදන විවිධ වට්ටෝරු වල ප්‍රධාන සංඝටකයක් ලෙස භාවිතා කොට තිබේ. බිල්ව වටී යනු ඉදුණු බෙලි මද වල වියළා ගත් සාරය ඇතුළත් කොට නිසි ප්‍රමිතියෙන් සකස් කරන ලද ආයුර්වේද ඖෂධයකි. එය ආමාශයේ අධික ආම්ලිකතාව අඩු කරයි. අන්ත්‍ර පටක වල ප්‍රදාහය පාලනය කරයි. අධික පිත්ත ශ්‍රාවය නිසා ඇති වන උදරදාහය, ආත්මානය, උද්ගීරය, වැනි අපහසුතා වලදී හිතයි. දීර්ඝ කාලීන භාවිතයේ දී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. මෙය ස්වාභාවික ශාකසාර නිෂ්පාදනයක් වන හෙයින් කෘත්‍රිම සංඝටක වලට ඔරොත්තු නොදෙන රෝගීන් සඳහා යෝග්‍ය ආරක්ෂාකාරී ඖෂධයකි.
Reviews
There are no reviews yet.