Tablets
ස්ලිම් පෙති
ප්‍රයෝග: ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි. අධික තරබාරුව අඩු කරයි. මේද අවශෝෂණය සහ පරිවෘත්තීය පාලනය කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස නියාමනය කරයි.
අඩංගු ද්‍රව්‍ය: වියළා ගත් කරපිංචා සහ ගොරකා සාරය
මාත්‍රාව: වැඩිහිටියන් සඳහා මිලි ග්‍රෑම් 500 පෙති දෙකක් දිනකට දෙවරක් උණු වතුරෙන් හෝ වෛද්‍ය නිර්දේශය පරිදි
ආයුර්වේදයේ කාලනිම්බ නමින් හැඳින් වෙන කරපිංචා සහ අම්ල වේතස නමින් හැඳින් වෙන ගොරකා අනාදිමත් කාලයක සිට දේශීය වෛද්‍ය ක්‍රමයේ දී භාවිතා වන සුවිශේෂී ඖෂධ වේ. මෙම ඖෂධ වල ගුණ විශේෂයෙන්ම සිරුරේ මේදය අඩුකිරීමට උපකාරී වන අතර එය නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින් ද ඔප්පු කොට තිබේ. එනිසා පළපුරුදු වෛද්‍යවරු මෙය අනාදිමත් කාලයක සිට අධික තරබාරුව සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ප්‍රත්‍යක්ෂ ඖෂධ ලෙස මේවා වට්ටෝරු වලට යොදාගනී. එමගින් අධික තරබාරුව නිසා ඇතිවිය හැකි විවිධ සංකූලතා වළක්වා ගත හැකිය. එය වසර දහස් ගණනක සිට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ අනවශ්‍ය මේද නිසා ඇතිවන රෝග වලදී යොදන විවිධ වට්ටෝරු වල ප්‍රධාන සංඝටක ලෙස භාවිතා කොට තිබේ. ස්ලිම් පෙති යනු කරපිංචා පත්‍ර සහ ගොරකා මද වල වියළා ගත් සාරය ඇතුළත් කොට නිසි ප්‍රමිතියෙන් සකස් කරන ලද ආයුර්වේද ඖෂධයකි. එය ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි. අධික තරබාරුව අඩු කරයි. මේද අවශෝෂණය සහ පරිවෘත්තීය පාලනය කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස නියාමනය කරයි. දීර්ඝ කාලීන භාවිතයේ දී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. මෙය ස්වාභාවික ශාකසාර නිෂ්පාදනයක් වන හෙයින් කෘත්‍රිම සංඝටක වලට ඔරොත්තු නොදෙන රෝගීන් සඳහා යෝග්‍ය ආරක්ෂාකාරී ඖෂධයකි.
Reviews
There are no reviews yet.