Tablets
නිම්බාදී වටි
රු 650.00
60 Tablets : Rs. 420.00
100 Tablets : Rs. 650.00
160 Tablets : Rs. 990.00
500 Tablets : Rs 3000.00
1000 Tablets : Rs. 5750.00
ප්‍රයෝග : සමේ රෝග සහ රුධිර සංයුතිය විෂ වීම නිසා ඇතිවන අනෙකුත් උෂ්ණාධික රෝග සඳහා විශේෂයෙන් නිර්දේශ කෙරේ. රුධිරයේ ආම්ලිකතාවය නිසා ඇතිවන පටක වයසට යාම සහ නිදන්ගත තත්වයන් පාලනය කිරීමට භාවිතා කළ හැකිය. රුධිර නාලවල විෂ ද්‍රව්‍ය සමනය
කිරීමට ද සුදුසු ය.
අඩංගු ද්‍රව්‍ය : extract of Azadirachta indica, Terminalia chebula, Terminalia bellerica, Phyllanthus emblica
භාවිත කරන ආකාරය : (ළමුන් සඳහා) පෙති 1-2 ක් සහ පෙති 4 ක් (වැඩිහිටියන් සඳහා) දිනකට දෙවරක් ඇල්මැරුණු ජලය හෝ සුදුසු සහායකයක් සමඟ.( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)
ආයුර් වේදයේ නිම්බ නමින් හඳුන්වන කොහොඹ (Azadirachta indica) වසර දහස් ගණනක සිට සාම්ප්‍රදායික වෛද්‍ය ක්රමයේ රක්ත ශෝධක ඖෂධයක් ලෙස භාවිතා කොට තිබේ. එසේම අරළු (Terminalia chebula), (Terminalia bellerica) ໙ 8 (Phyllanthus emblica) ໖ සිරුරේ දෝෂ සමතුලිතතාව ආරක්ෂා කොට සෞඛ්‍යය පවත්වා ගෙන යාමට උපකාරී වන මහඟු ඖෂධයක් බව ඉතා ප්රකටය. මෙම ඖෂධ විවිධ රෝග සඳහා නිතර යෙදෙන වෛද්‍යවරුන් ගේ ප්රත්යක්ෂ විශ්වාසය දිනාගත් ප්‍රබල ඖෂධ වේ. මීට දශක කිහිපයකට පෙර සිටම ඒවායේ ඖෂධීය ගුණ විද්‍යාත්මකව තහවුරු කිරීමේ පර්යේෂණ සිදු වී ඇති අතර ඒවායේ ප්‍රතිඵල පිළිගත් වෛද්‍ය සඟරා වල පළ වී තිබේ.
රක්ත ශෝධක වටී යනු කොහොඹ, අරළු, බුළු සහ නෙල්ලි සාරයන්හි සංයෝගයෙන් නිසි ප්‍රමිතියෙන් සකස් කරන ලද ආයුර්වේද ඖෂධයකි. එම සංයෝගය මගින් විශේෂයෙන්ම රක්ත දෝෂ වලදී ඇති වන චර්ම රෝග, සහ සිරුරේ ඇති වන නොයෙකුත් උෂ්ණාධික රෝග සමනය කරයි. රුධිරයේ ආම්ලික බව නිසා හටගන්නා චිරකාලීන දුර්වලතා සහ පටක වියපත් වීම පාලනය කිරීම සඳහා ගුණදායක වන අතර රක්ත ධාතු ගත විෂ සමනය කිරීමට යෝග්‍ය වේ. මෙය ස්වාභාවික ශාකසාර නිෂ්පාදනයක් වන හෙයින් කෘත්‍රිම සංඝටක වලට ඔරොත්තු නොදෙන රෝගීන් සඳහා යෝග්‍ය ආරක්ෂාකාරී ඖෂධයකි.
Reviews
There are no reviews yet.