මේද හරණී වටී

රු 750.00

60       Capsules     :  Rs 615.00
100     Capsules     :  Rs 975.00
160     Capsules     :  Rs 1510.00
500     Capsules     :  Rs 4625.00
1000  Capsules     :  Rs 9000.00

 

ප්‍රයෝග : ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි. තරබාරුකම හා අධික බර අඩු කරයි. මේදය අවශෝෂණය හා පරිවෘත්තීය පාලනය කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස නියාමනය කරයි.

අඩංගු ද්‍රව්‍ය : ගොරකා, කරපිංචා ඇතුළු ද්‍රව්‍ය කීපයක සංකලනයකි.

භාවිත කරන ආකාරය : මිලිග්‍රෑම් 500 පෙති දෙකක් දිනකට දෙවරක් උණු වතුරෙන් හෝ  ( වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.)

වර්ගය
ආයුර්වේදයේ කාලනිම්බ නමින් හැඳින් වෙන කරපිංචා සහ අම්ල වේතස නමින් හැඳින් වෙන ගොරකා අනාදිමත් කාලයක සිට දේශීය වෛද්‍ය ක්‍රමයේ දී භාවිතා වන සුවිශේෂී ඖෂධ වේ. මෙම ඖෂධ වල ගුණ විශේෂයෙන්ම සිරුරේ මේදය අඩුකිරීමට උපකාරී වන අතර එය නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින් ද ඔප්පු කොට තිබේ. එනිසා පළපුරුදු වෛද්‍යවරු මෙය අනාදිමත් කාලයක සිට අධික තරබාරුව සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ප්‍රත්‍යක්ෂ ඖෂධ ලෙස මේවා වට්ටෝරු වලට යොදාගනී. එමගින් අධික තරබාරුව නිසා ඇතිවිය හැකි විවිධ සංකූලතා වළක්වා ගත හැකිය. එය වසර දහස් ගණනක සිට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ අනවශ්‍ය මේද නිසා ඇතිවන රෝග වලදී යොදන විවිධ වට්ටෝරු වල ප්‍රධාන සංඝටක ලෙස භාවිතා කොට තිබේ. ස්ලිම් පෙති යනු කරපිංචා පත්‍ර සහ ගොරකා මද වල වියළා ගත් සාරය ඇතුළත් කොට නිසි ප්‍රමිතියෙන් සකස් කරන ලද ආයුර්වේද ඖෂධයකි. එය ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි. අධික තරබාරුව අඩු කරයි. මේද අවශෝෂණය සහ පරිවෘත්තීය පාලනය කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස නියාමනය කරයි. දීර්ඝ කාලීන භාවිතයේ දී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. මෙය ස්වාභාවික ශාකසාර නිෂ්පාදනයක් වන හෙයින් කෘත්‍රිම සංඝටක වලට ඔරොත්තු නොදෙන රෝගීන් සඳහා යෝග්‍ය ආරක්ෂාකාරී ඖෂධයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Slim Capsules”

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Shopping Cart