Capsules
Yakinaran Capsules
රු 950.00
60 Capsules : Rs 600.00
100 Capsules : Rs 950.00
160 Capsules : Rs 1470.00
1000 Capsules : Rs 8750.00
ප්‍රයෝග : පටක වල අනවශ්‍ය මේද තැන්පත් වීම පාලනය කරයි. අක්මාවේ ක්‍රියාකාරිත්වයට යහපත් වේ. සිරුරේ සාමාන්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි. පෙනහළු වල ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි.
අඩංගු ද්‍රව්‍ය: වියළා ගත් යකිනාරන් පත්‍ර සාරය
මාත්‍රාව: වැඩිහිටියන් සඳහා මිලි ග්‍රෑම් 500 පෙති දෙකක් දිනකට දෙවරක් උණු වතුරෙන් හෝ වෛද්‍ය නිර්දේශය පරිදි
දේශීය වෛද්‍ය ක්‍රමයට සුවිශේෂී ඖෂධීය ශාකයක් වන යකිනාරන් වඩාත් ප්‍රචලිතව තිබෙනුයේ අක්මාවට හිත ඖෂධයක් ලෙසය. මෙය අනාදිමත් කාලයක සිට සෙංගමාල රෝගය සඳහා ප්රත්යක්ෂ ඖෂධයක් ලෙස පාරම්පරික වෙදකමේ දී කොළ කැඳ ලෙස භාවිතා කොට තිබේ. එනිසා විශේෂයෙන්ම අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන ෆැටිලිවර් රෝගයට ප්‍රතිකාර කිරීමේදී පළපුරුදු වෛද්‍යවරු යකිනාරන් අඩංගු ඖෂධ යොදයි. මෙය ආසාදන වලට එරෙහිව ක්‍රියා කරන ඖෂධයක් හෙයින් ශරීරයේ සාමාන්‍ය සෞඛ්‍යය ආරක්ෂා කරමින් ප්‍රතිශක්තිය වැඩි කරයි. එය වසර දහස් ගණනක සිට සාම්ප්‍රදායික වෛද්‍ය ක්රමයේ විවිධ වට්ටෝරු වල ප්‍රධාන සංඝටකයක් ලෙස භාවිතා කොට තිබේ. යකිනාරන් වටී යනු යකිනාරන් පත්‍ර වල වියළා ගත් සාරය ඇතුළත් කොට නිසි ප්‍රමිතියෙන් සකස් කරන ලද ආයුර්වේද ඖෂධයකි. එය පටක වල අනවශ්‍ය මේද තැන්පත් වීම පාලනය කරයි. අක්මාවේ ක්‍රියාකාරිත්වයට යහපත් වේ. සිරුරේ සාමාන්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි. පෙනහළු වල ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි. දීර්ඝ කාලීන භාවිතයේ දී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. මෙය ස්වාභාවික ශාකසාර නිෂ්පාදනයක් වන හෙයින් කෘත්‍රිම සංඝටක වලට ඔරොත්තු නොදෙන රෝගීන් සඳහා යෝග්‍ය ආරක්ෂාකාරී ඖෂධයකි.
Reviews
There are no reviews yet.